කිසිම Software එකක් Install කරන්නේ නැතුව Hard/Usb Drivers ඔක්කොම password එකක් දාල lock කරමුද?


මේකෙන් ඔයාලගේ hard drivers හරි usb drivers (pen , chip) කිසිම software එකක් install කරන්නේ නැතුව password එකක් දාල lock කරන්න පුලුවන්.ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.
මුලින්ම bitlocker කියල search කරලා අදාළ app එක අරගන්න.

එහෙම නැත්නම් ඔයාගේ usb drive එකේ right click කරල bitlocker ගන්න.

hard එකටනම් bitlocker වලින් password එක දාන්න වෙන්නේ search කරල හොයාගෙන.මොකද hard එක උඩ right click කරාට bitlocker නැ.තව windows දාල තියෙන hard එකේ partition එකට මේ bitlocker දාන්න බැ.
දැන් ඔයා bitlocker app එක search කරල හොයාගෙන ඒක open කරහම අදාළ hard වල partition ටිකයි ඔයාගේ usb ටිකයි පෙන්නයි.දැන් ඔයාට password එක දාන්න ඕනා එක ඉස්සරහ තියෙනෝ turn on bitlocker කියල ඒක click කරන්න.
ඊට පස්සේ එන එකේ තියෙනව use a password to unlock the drive කියන එක ඉස්සරහ තියෙන පොඩි කොටුව click කරල යට කොටු දෙකේ දෙපාරක් ඔයා ඒ usb/hard එකට දාන password එක ගහන්න.
දැන් next දෙන්න.
දැන් 100% වෙනකන් ඉන්න ඊට පස්සේ මේ password එක අයින් කරන්න ඕනනම් bitlocker එකට ගිහින් turn off btlocker දෙන්න.......
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා...

No comments:

Powered by Blogger.